මනමේ රුවකුර

මනමේ යනු දිගු පෙළ (long form text) සඳහා භාවිත කිරීම වෙනුවෙන් විශේෂයෙන් නිමවූ සිංහල රුවකුරකි. මෙම රුවකුර සාම්ප්‍රදායික සිංහල රුවකුරු වල පැහැය ව්‍යාප්තව ඇති රටාව වෙනුවට නව රටාවකට මනමේ රුවකුර නව රටාවකට නිමවී ඇත. මනමේ රුවකුර පොනිති 10 සහ 14 අතර විශාලත්වයන් වෙනුවෙන්  පොත්, කවි ආදී සාහිත්‍යම්‍ය  දිගු පෙළ වෙනුවෙන්  විශේෂයෙන් නිමවා ඇති නමුත් එහි නවමු හැඩයන් ඕනෑම කටයුත්තක් වෙනුවෙන් යොදාගත හැකිය.පැරණි සිංහල රුවකුරු රටාවන්, සිංහල වීදි අකුරු රටාවන් ඇතුළු විවිධ මූලාශ්‍ර රැසක් මෙම රටාව වෙනුවෙන් අධ්‍යනය කරන ලදි.  මෙහි නව්‍ය හැඩයන් සහ රටාවන් මාස දහයක කාලයක් පුරා එංගලන්තයේ රෙඩිංග්  විශ්වවිද්‍යාලයයේ රුවකුරු (font) නිර්මාණකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස පැතුම් එගොඩවත්ත විසින් නිර්මාණය කරන ලදි. මෙය නිදහස් හා විවෘත මෘදුකාංගයක් ලෙස නොමිලේ බෙදාහැරේ.


ඔබේ මූල්‍ය සහයෝගය ලබාදෙන්න

මේ රුවකුර නොමිලේ ලබාදෙන නමුත් ඔබට මූල්‍ය සහයෝගයක් දැක්වීමට අවස්තාව ඇත.


නිර්මාණකරු ගැන

පැතුම් එගොඩවත්ත යනු ශ්‍රී ලාංකික රුවකුරු (font) නිර්මාණකරුවෙකු, රුවකුරු  ඉංජිනේරුවෙකු සහ සිංහල, දෙමළ සහ දකුණු ඉන්දියානු අක්ෂරකරණය පිළිබඳ පර්යේෂකයෙකු හා අධ්‍යාපනඥයෙකු ද වේ. පැතුම් 2013 දී කොළඹ ඇකඩමි ඔෆ් ඩිසයින් (AOD) වෙතින් ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය. ඔහු 2016 දී එංගලන්තයේ රෙඩිංග්  විශ්වවිද්‍යාලයයෙන්  රුවකුරු (font) නිර්මාණකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය විශිෂ්ටතා සාමාර්ථයක් සහිතව හිමි කර ගන්නට සමත් විය.   ඔහු   කොළඹ ඇකඩමි ඔෆ් ඩිසයින්හි (AOD) උපාධිය සඳහා ඉදිරිපත් කළ ‘අම්මා’ – සිංහල – දෙමළ දෙමුහුන් අක්ෂර ආකෘති ව්‍යාපෘතිය ජාත්‍යන්තර නිර්මාණ ප්‍රජාවගේ ද  අවධානය දිනා ගත්තේය.  

ඔහු 2013-2015 කාලයේ  ගූගල් රුවකුරු සේවයේ උපදේශකයෙකු ලෙස ඉන්දීය රුවකුරු ව්‍යාපෘතිවලට සිය දායකත්වය සැපයූ  අතර  ඒ අවධියේ දී උබර්, ටොයොටා වැනි  ජාත්‍යන්තර සමාගම් සඳහා ක්‍රියාත්මක කෙරුණු රුවකුරු ව්‍යාපෘතිවල  නිර්මාණකරුවෙකු, උපදේශකයෙකු සහ ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස  සේවය කර ඇත.

පැතුම් මේ වන විට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර  ව  දිවි ගෙවන අතර ඔහුගේ සමාරම්භකත්වයෙන් ඇරැඹුණු ප්‍රකාශන, රුවකුරු හා අක්ෂරකරණ නිර්මාණාගාරයක් වන ‘මූනියැක්’ සමඟ ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් හා පදනමක් සහිත නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කරයි.

මින් පරිබාහිරව සිංහල වෙබ් අකුරු ප්‍රචලිත කිරීම පිණිස බහු අක්ෂරකරණ ‘ලිබ්‍රේ’ රුවකුරු එකතුවක් සහිත  ව්‍යාපෘති මාලාවක් සක්‍රීයව පවත්වාගෙන යාමට ද පැතුම් සිය දායකත්වය සපයයි.  ප්‍රකාශන කර්මාන්තය හා සම්බන්ධව කටයුතු කරන ‘මූනියැක්’, වෙබ් හා මුද්‍රණ අක්ෂර ප්‍රකාශන තාක්ෂණ  ප්‍රවාහය හා අක්ෂරකරණ පෙළ තාක්ෂණය සම්බන්ධයෙන් ද උපදේශාත්මක මෙහෙවරක නියැළෙයි.
පැතුම්,  ඒ හැරුණුකල රුවකුරු හා අක්ෂරකරණ නිර්මාණය පිළිබඳ උනන්දුවක් ඇති නිර්මාණකරුවන් එකට ගොනු කරනු පිණිස  2017 දී  ‘අකුරු සාමූහිකය’ ආරම්භ කළේය. ඔහු අකුරු   ෆෞන්ඩ්‍රි  හි ද සම නිර්මාතෘවරයෙකි. අකුරු ෆෞන්ඩ්‍රිය යනු ශ්‍රී ලංකාවේ සිංහල පරිගණක රුවකුරු ක්ෂේත‍්‍රයේ පවත්නා ප්‍රමාණාත්මක ෆොනුරූ අඩුව පිරවීමේ අරමුණ පෙරදැරිව රුවකුරු නිර්මාණ ශිල්පීන් පිරිසකගේ එකමුතුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි. පැතුම් ප්‍රමුඛ පෙළේ නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග අතුරුමුහුණත් සහ ප්‍රලේඛන සම්පාදනය සඳහා ද  සඳහා දායක වේ. පැතුම්, භාෂා, සාහිත්‍ය හා මුද්‍රණ ශිල්පය පිළිබඳ කොළඹ ඩබ්ල්යු. ඒ. සිල්වා කෞතුකාගාරයේ භාරකරු ලෙස ද කටයුතු  කරයි.