මොටා ටයිප් වන් රුවකුර

ඇත්ත පුවත්පත වෙනුවෙන් 1960 දශකයේදී මොටාගෙදර වනිගරත්න සූරින් විසින්
නිර්මාණය කරන ලද මොටා ටයිප් අකුරු මෝස්තර එකතුවෙන් තෝරාගත් මෝස්තරයක්
ඇසුරින් මෙම ෆොනුරුව සකස් කොට ඇත.
අඩසියවසකට ආසන්න කාලයක් පුරා ඇත්ත පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය
හැඩ කරන්නට යොදා ගත් මෙම අකුරු මොස්තරය එවක ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව
තිබූ අකුරු මෝස්තරයක් විය.
අක්‍ෂරවල ඉහළ සහ පහළ දාර වැඩි ගණකමකින් යුතුව නිර්මාණය වී තිබීමත්
අක්‍ෂරාන්ත (Typographic terminals) සඳහා පැරණි සිංහල කැටයම් රටා භාවිත කොට
තිබීමත් මෙහි ඇති විශේෂත්වයයි. අක්‍ෂරයේ ස්වභාවය අනුව පිලි වර්ග කිහිපයක්
භාවිතා කොට ඇති අතර ක,ත,න අක්‍ෂර 3 සඳහා වෙනම ඉස්පිල්ලක් භාවිත වී තිබීමද
විශේෂත්වයකි.

පරිගණක අක්‍ෂර කලාව මෙරට ප්‍රචලිත වීමත් සමඟ පැරණි අච්චු අකුරු මෝස්තර
රැසක්ම භාවිතයෙන් ඉවත් වූ අතර මොටා ටයිප් අකුරු මෝස්තර එකතුව ද ඒ අතර
විය.
අක්‍ෂර නිර්මාණ ශිල්පී දමිත් වැලිකල විසින් 2020 වසරේ දී Motta Type 1 නමින් මෙම
අකුරු මෝස්තරය ෆොනුරුවක් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද අතර එහි ASCII සහ
යුනිකෝඞ් සංස්කරණයන් දෙකම අකුරු ෆෞන්ඩ්‍රි වෙබ් අඩවිය හරහා නොමිලේ නිකුත්
කොට ඇත.

ෆොනුරුව ලබාගැනීමට පෙර මේ ගැන දැනගන්න;

  • අද නිකුත් කරනන්නේ මොටා ටයිප් වන් ෆොනුරුවේ අත්හදාබැලීමේ trial version එකකි. මේ ෆොනුරුවට ඉදිරියේදී තවත් වැඩිදියුණු කර යුනිකෝඩ් ක්‍රමයට සකස්කර නිකුත් කෙරෙනු ඇත. ලියාපදිංචි වීම හරහා ඔබේ ඊමේල් ලිපිනය ලබාදී මේ ගැන වැඩිදුර තොරතුරු ලබාගන්න.
  • ඉදිරියටත් අකුරු ෆෞන්ඩ්‍රිය හරහා මේ ෆොනුරූ නිකුත් කිරීමේ වැඩසටහන පවත්වාගෙන යාම සඳහා ඔබේ මූල්‍ය දායකත්වය ලබාදෙන්න.
  • වෙනත් වෙබ් අඩවි හෝ ක්‍රම හරහා මේ ෆොනුරුව බෙදාහැරීමෙන් වලකින්න.

ඔබේ මූල්‍ය සහයෝගය ලබාදෙන්න

අපේ පළමු නිකුතුව වන මොටා ටයිප් වන් ෆොනුරුව නොමිලේ ලබාදෙන නමුත් ඔබට මූල්‍ය සහයෝගයක් දැක්වීමට අවස්තාව ඇත.


513 Downloads

රුවකු​රු නිර්මාණකරු ගැන

1986 නොවැම්බර් මස වරකාපොළ දී උපත ලැබූ දමිත් වැලිකලමාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය හදාරා 2006 වසරේදී කලා විෂය ධාරාව යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී සිංහල විශේෂවේදී උපාධිය හදාරනු ලැබීය. 2013 වසරේ එම විශ්වවිද්‍යාලයෙන්ම සිංහල විෂය පිළිබඳ ශාස්ත‍්‍රපති (MA) උපාධිය ද 2016 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය (MPA) ද ලබා ඇත.  

යෞවන නාට්‍ය උළෙල අවසන් වටය නියෝජනය කරමින් කෙටි නාට්‍යකරුවකු ලෙස 2008 වසරේදී නිර්මාණකරණයට පිවිසුණු මොහු කවියෙකු සහ විචාරකයෙකු ලෙස ද මේ දක්වාම නිර්මාණ කටයුතු රැසකට දායකත්වය සපයමින් සිටියි. 2012 සහ 2017 වසරවලදී හොඳම කෙටි නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සම්මානයන් ද දිනා ඇති අතර වේදිකා පරිපාලකයෙකු වශයෙන් ද යෞවන සහ රාජ්‍ය සම්මාන දිනා ඇත.

රාවය, දිවයින, ලක්බිම සහ ඇත්ත පුවත්පත් සඳහා මෙන්ම බූන්දි වෙබ් අඩවිය වෙනුවෙන් ද නිර්මාණ හා විචාර රැසක් සම්පාදනය කොට ඇති දමිත් වැලිකල, වෘත්තියෙන් නිර්මාණ අධ්‍යක්ෂවරයෙකි.

2019 වසරේදී තම අත්අකුරු ඇසුරින් ෆොනුරුවක් නිර්මාණය කරමින් මුල් වරට අක්‍ෂර නිර්මාණකරණයට පිවිසෙන ලද අතර පැරණි ශ‍්‍රී ලංකාවේ භාවිත සිංහල අකුරු මෝස්තර ගවේෂණය කරමින් ඒවා ෆොනුරූ ලෙස සංරක්‍ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව මොහු විසින් ආරම්භ කරන ලද ‘සිලොන් කැලිග‍්‍රැපි’ ෆොනුරූ එකතුව හරහා දැනට නිර්මාණ කොට ඇති ෆොනුරූ සංඛ්‍යාව 7කි.